Sunday 31st of May 2026

English Tamil
Advertiesment


සකල ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති


2019-06-25 14872

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති.

නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි.

මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, විවිධ බෙදීම්වලින් මිනිස් වර්ගයා අවුලට පත් ලොවක මිනිසුන් අතර පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳව හජ් උත්සවයෙන් පුළුල් ආදර්ශයක් ලබා දෙන බව ය.

ශුද්ධ වූ මක්කම කෙන්ද්‍ර කර ගනිමින් මනුෂ්‍යයන් අතර සමානාත්මතාවේ පණිවුඩය රැගෙන යන මුස්ලිම් ජනතාවට සිය පණිවුඩයෙන් ජනාධිපතිතුමා සිය සුබ පැතුම් එක් කරයි.

Advertiesment